අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ආරම්භ වී අද 5 වන දිනයයි. එහෙත් අද වන තුරුත් දරුවන්ට විභාගයට මුහුණදීමට සිදුව ඇත්තේ විදුලි කප්පාදුව මධ්‍යයේයි.
විභාගය ආරම්භ වීමට පෙර සිටම සිසුන් මෙන්ම වෘත්තිය සමිති හා විවිධ සංවිධාන දිගින් දිගටම ඉල්ලා සිටියේ උසස් පෙළ සමයේ විදුලිය කප්පාදු නොකරන ලෙසයි. එහෙත් අවම වශයෙන් රාත්‍රී කාලයේ හෝ සිදුවන පැය 1 යි විනාඩි 20 කට ආසන්න විදුලි කප්පාදුව නතර කර ගැනීමට මෙතෙක් හැකිවී නැහැ.
නෙ ලංකා විදුලි බල මණ්ඩලයේ උසස් නිලධාරියෙකු අවධාරණය කළේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අවසන් වන තුරු අඛණ්ඩව විදුලිය ලබාදීමට හැකියාවක් නොමැති බවයි.
උසස් පෙළ නිමවන තුරු අඛණ්ඩව විදුලිය සපයන බවට බලධාරීන් රට හමුවේ පොරොන්දු වූයේ විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, විදුලි බල මණ්ඩලය සහ ඛනිජ තෙල් සංස්ථාවේ නියෝජිතයන් එක්ව පැවැත්වූ සාකච්ඡාවකින් ද අනතුරුවයි. එහෙත් මේ දක්වා එම තීරණය ක්‍රියාත්මක වී නැහැ.