2022 උසස් පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම ලබන 17වනදා මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් කෙරේ.
එදිනෙන් පසු උසස් පෙළ විභාගයට අදාළ ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න දෙන බවට හෝ ඊට සමාන ප්‍රශ්න දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම ද තහනම් බව ද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා කියා සිටියේය. උසස් පෙළ විභාගය ලබන 23 වනදා සිට පෙබරවාරි 17වනදා දක්වා පැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.