සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වන මාඹුලගේ දිනිත් මෙලන් නොහොත් ඌරුජුවා දැඩිගමුවේ දි පොලිස් වෙඩි පහරින් මියගිය බව පොලිසිය පවසයි.
මරණය ට පත්වී ඇති පුද්ගලයා මිනීමැරුම්, පැහැරගෙන යෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට අවශ්‍යව සිටි කෙනෙකි.
බන්ධනාගාරය තමාගේ ආරක්ෂක බළකොටුව බවට පත් කරගත් ඌරු ජුවා කඩුවෙල පැත්තේ ඇතැම් සමාගම්වල නිෂ්පාදන කටයුතු වලට පවා බාධා එල්ල කෙළේය. ඌරු ජුවාට බන්ධනාගාරයෙන් පිටත ගෝලබාලයෝ රොත්තක්ම සිටිති. එම ගෝලයන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු විස්සේ තිහේ තරුණයෝය.
ඒ අය අතර මෑත කාලයේ සාමාන්‍ය පෙළ දක්වාම අධ්‍යාපනය ලැබූ තරුණයෝද සිටිති. එම තරුණයන් උසස් අධ්‍යාපනයක් ලබා රටට බරක් නැති රැකියාවක නිරත වෙනවා වෙනුවට තෝරාගෙන ඇත්තේ ඌරු ජුවාය.
ඒ ඔහු කප්පම්වලින් උපයාගන්නා මුදල්වලින් සැලකිය යුතු ප්‍රමාණයක් සිය ගෝලබාලයන් නඩත්තු කිිිරීමට වැය කරන නිසාය. සිය ගෝලයන්ට ඔහු කම්සැපද දෙන්නේ සුරූපී තරුණියන් යොදාගෙනය. රාත්‍රී සමාජ ශාලාවල සැරිසරන ඔවුන් හිතන්නේ තමන්ගේ ලෝකය එය බවය.
ඌරු ජුවා සිය පාතාල අධිරාජ්‍ය ගොඩනඟන්නේ දැඩිගමුව කේන්ද්‍රකරගෙනය. ජුවා සිහින මවන්නේ පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නටය. ඔහු කණ්ඩායමක් නඩත්තු කරන්නේ ඒ අරමුණෙනි. එම ගෝලයන් රැකබලාගන්නට මුදල් උවමනාය. ඉවක් බවක් නැතිව ඔහු කප්පම් ගැනීමට පෙලඹන්නේ ඒ නිසාය.
ජුවාගේ කප්පම් ගැනිල්ලට මුලින්ම එරෙහි වන්නේ නවගමුව පොලිස් ස්ථානාධිපතිවරයාව සිටි අහංගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මංජුලද සිල්වාය. මංජුල සිල්වාට ඌරු ජුවාගෙන් මරණ තර්ජන පවා එල්ල විය . ඒ බන්ධානගාරයේ සිට ජංගම දුරකතනයකිනි. ජුවාගේ තර්ජනවලට ඔහු බිය වූයේ නැත. විශේෂ කාර්ය බළකායේ පාතාල මර්දන ඒකකයේ පවා සේවයේ කර ඇති මුංජුල ද සිල්වා, ජුවාගේ කප්පම් වලට නවගමුවේ නැවතීමේ තිත තැබුවේය. මංජුලද සිල්වා නවගමුවෙන් අහංගමට ස්ථාන මාරුව ලැබීමත් සමඟ නැවතත් ඌරු ජුවා නවගමුවේ පාතාල බලය ඇල්ලුවේය. ඒ වන විට ඔහුගේ පාතාල බලය හංවැල්ල දක්වාම ව්‍යාප්තව පැවතිණි. ජුවාට කප්පම් ගෙවන්නට බැරිව වෙළෙඳසල් වසා දැමූවන් වැඩියෙන්ම සිටින බව කියන්නේ හංවැල්ල පැත්තේය. ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම ජුවාට බියෙන් ගේදොර පවා අතහැර ගොසිනි.
ඌරු ජුවාගේ කප්පමෙන් කැලණි මිටියාවතේ ව්‍යාපාරිකයන් බේරාගැනීමට නිරන්තර පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක වුවත් ඒ මෙහෙයුම් පසුගිය කාලය පුරාවටම පැවැතියේ අසංවිධානාත්මකවය.
ජුවාගේ කල්ලියේ කිසිදු මර්දනයක් සිදු නොවූයෙන් කප්පම් ගැනිල්ලට නැවතීමේ තිත තැබුණේ නැත.