Similar Posts
අවු. 20ට වැඩි එන්නත් නොගත් අය අල්ලන්න වැඩපිළිවෙලක්
මේ වනතෙක් කොවිඩ් එන්නත ලබා නොගත් වයස අවුරුදු 20ට වැඩි පුද්ගලයින් පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබේ. දිස්ත්‍රික් මට්ටමින් ඒ පිළිබඳ දත්ත ලබා ගන්නා අතර එන්නත් ලබා නොගත් එම වයස් කාණ්ඩවල පුද්ගලයින් පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් ලබන 11 වැනිදා අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙස දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතා…
කොළඹ වයිට් පිටිය වළ පල්ලට
කොළඹ වයිට් පිටිය එදා මෙදා තුර කොළඹ වාමාංශික දේශපාලන ක්‍රියාකාරීන් අතර ඉතා වැදගත් ස්ථානයක් වී තිබුණු නමුත් කොළඹ මරදානේ පිහිට ඇති මෙම ක්‍රීඩා පිටිය අද ඉබාගාතේ යන ස්ථානයක් බවට පත්වී තිබේ. කොළඹ නගර සභාව යටතේ ඇති මෙම ක්‍රීඩා පිටිය ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ සිට එන ඈත අතීතයක් ඇති නමුත් මේ වන විට මෙම ක්‍රීඩා පිටියට අයත්ව…
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම වසා දමයි
යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි. මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් මේ වන විටත් පවතින බව වාර්තා වේ. ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
ඉන්ස්ටග්‍රෑම් බිඳවැටෙයි
ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාලයේ හදිසි බිඳ වැටීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙටා සමාගමට අයත් ඉන්ස්ටග්‍රෑම් යෙදවුමේ සිදුවූ මෙම හදිසි බිඳවැටීම හේතුවෙන් පරිශීලකයින් දහස් ගණනකට බලපෑම් එල්ලවී ඇති බව වාර්තා කරයි. එම බලපෑමට ලක්වූ පිරිසෙන් බහුතරයක් අමෙරිකානු, බ්‍රිතාන්‍ය, ඉන්දියානු සහ ඔස්ට්‍රේලියානු පරිශීලකයින් බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දෙහි ගණන් උස්සයි
දෙහි ක්‍රිලෝවක මිල රුපියල් 900/=ත් 1000/=ත් අතර මිලකට ඉහල යාමත් සමග තමන්ට දෙහි මිලට ගැනිමට නොහැකි තත්වයක් පවතින බව පාරිභෝගිකයන් පවසති. එම ඉහල මිලට පවා වෙළද පලේ විකිනිමට ඇත්තේ ඉතා කුඩා ප්‍රමාණයේ දෙහි බවත් එම දෙහි මිලට ගැනිමෙන් පලක් නොවන බවද ඔවුන් වැඩි දුරටත් පවසති. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එලවලු වෙලදුන් පවසන…
කොරෝනා නිසා දුම්රිය ගමන්වාර 14ක් අවලංගු වෙයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අද (31) දින දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කර ඇති බව නිවේදනය කර තිබෙනවා. ඒ දුම්රිය නියාමකවරුන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන්. මෙම තත්ත්වය නිසා අද දින ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06ක්, පුත්තලම 03ක්, මුහුදුබඩ 02ක් සහ කැලණි – වැලි 02 ක් ඇතුළු දුම්රිය ගමන් වාර 14ක් අවලංගු…