ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තියේ දරුණුම අවධිය ඉදිරි මාස කිහිපය තුළ ඇති විය හැකි බව හොංකොං විශ්වවිද්‍යාලයේ වෛරසවේදය පිළිබඳ මහාචාර්ය මලිත් පීරිස් මහතා සඳහන් කරයි.
නව ඩෙල්ටා ප්‍රභේදය හේතුවෙන් දකුණු ආසියානු කලාපය ඇතුලුව ගෝලීය වශයෙන් ආසාධිතයන් ඉහළ යාමක් පෙන්නුම් කරමින් ඇතැයි ඒ මහතා පෙන්වා දෙයි.
ඉදිරි සති කිහිපය තුළ එම ප්‍රභේදය ලංකාවටද විශාල බලපෑමක් ඇති කරනු ඇති බවද තමන් අවධාරණය කරන බවද ඔහු පැවසීය.
ඉදිරි සති කිහිපය ඇතුලත ශ්‍රී ලංකාවට දරුණුතම කොරෝනා වසංගතය ට මුහුණ දීමට සිදුවන බව ද ඒ මහතා අනතුරු ඇඟවීය.