school Structured settlement funding companies elite High-end yacht charter brokers Premium business-class flight deals

හැටන් නගරයේ ට්‍රිනිටි ඔක්ස්ෆර්ඩ් කොලෙජ් (පිවිටි) එල්ටිඩි නමින් නව පාසලක් ආරම්භ කිරිමට පියවර ගෙන ඇත.

මේ පිලිබදව අදහස් දැක්වු එහි අධ්‍යක්ෂ පෙරුමාල් රවින්ද්‍රන් මහතා පවසන ලද්දේ ට්‍රින්ටි ඔක්ස්ෆර්ඩ් කොලෙජ් පෞද්ගලික සමාගම් පනත යටතේ අංක පි. වි. 00319449දරණ අංකය මත මෙම පාසල ලියාපදිංචි කිරිමට පියවර ගෙන ඇති බවත්ය.

මෙම විදුහල මාර්තු මස 01වන දින ආරම්භ කිරිමට සැලසුම් කර ඇති බවත් මෙහි පෙර පාසලේ සිට අටවන ශ්‍රේණිය දක්වා ඉගැන්විම් කරන බවත් මෙහි විදුහල්පති ලෙස හිටපු හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයකු වන එස්. ශ්‍රිධරන් මහතා කටයුතු කරන බවද රවින්ද්‍රන් පෙරුමාල් මහතා පැවසිය.

මෙම විදුහලට පැමිනෙන සිසුන් සදහා සාධරන මිල ගනන් යටතේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දිමට සැලසුම් කර ඇති බවද රව්න්ද්‍රන් පෙරුමාල් මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories