elawalu digital backpack vegetables name vegetables price in sri lanka pictures of vegetables english name of vegetables vegetables price list today vegetables price today vegetables images

එළවළු මිල ගණන් යළි ඉහළට වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් යළි ඉහළ ගොස් තිබෙනවා.

නුවරඑළිය අර්තාපල්, කැරට්, ලීක්ස් ආදී එළවළු වර්ග කිලෝවක සිල්ලර මිල රුපියල් 600 ක් දක්වා වැඩිවී තිබෙන බවයි වාර්තා වන්නේ.

නමුත්, කැරට් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 250 ත් 280 ත් අතරය.

ලීක්ස් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් 300 ත් 330 ත් අතරය. එමෙන්ම, නුවරඑළිය අර්තාපල් කිලෝවක තොග මිල පවතින්නේ රුපියල් රුපියල් 370 ත් 380 ත් අතරය.

දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරන පරිදි ඊයේ (13 වැනිදා) එළවළු වර්ග කීපයක තොග මිල ගණන් පැවතියේ මෙලෙසිනි.

ගෝවා රු.100-110

මල් ගෝවා රු.550-580

කට් බීට් (උඩරට) රු.200-250

තක්කාලි රු.110-130

නෝකෝල් රු.200-220

වැටකුළු රු.200-210

මෑකරල් රු.180 – 200.

පසුගිය දිනවල අමු මිරිස් කිලෝවක සිල්ලර මිල රුපියල් 150 ක් දක්වා අඩුවී තිබුණද, මේ වන විට කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වැඩිවී තිබේ.

වියළි මිරිස් කිලෝවක තොග මිල රුපියල් 1750 කි.

මේ අතර, ඇඹුල් කෙසෙල් කිලෝවක සිල්ලර මිලද රුපියල් 150 ක් දක්වා වැඩිවී තිබේ.

ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීන් කියා සිටින්නේ දෛනික එළවළු සැපයුම ක්‍රමයෙන් අඩුවීම නිසා මෙලෙස මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවයි.

More Stories