elawalu digital backpack

සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල අඩු වුවද ප්‍රදේශ කිපයකම එළවළු මිල මේ වන විටත් දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව බොහෝ පිරිසක් පවසති.

මේ වන විට මෙම ප්‍රදේශවල අමු මිරිස් ක්‍රිලෝව රුපියල් 1300ත් 1400ත් බෝංචි ක්‍රිලෝව රුපියල් 550ත් 600ත් කැරට් ක්‍රිලෝව රුපියල් 440ත් 480ත්, බ්ට් ක්‍රිලෝව රුපියල් 400ත් 440ත්, ලික්ස් ක්‍රිලෝව රුපියල් 320ත් 360ත්, පතෝල ක්‍රිලෝව 360ත් 400ත්, අළු කෙසල් ක්‍රිලෝව රුප්යල් 200ත් 240ත්, වැටකොලු ක්‍රිලෝව රුපියල් 460ත් 480ත්, මඤ්ඤාක්කා ක්‍රිලෝව රුපියල් 200ත් 220ත්, මාළු මිරිස් ක්‍රිලෝව රුපියල් 520ත් 560ත්, අතර මිලකට අලෙවි වන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් මත එළවළු මිලදි ගැනිමේදි තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්වන බවත් මෙම ප්‍රදේශයන් තුල පවතින වෙළද ඒකාධිකාරිය මත මෙසේ එළවළු මිල පහළ නොයන බවද එම පිරිස් පවසති.

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිම්වලදි අදහස් දක්වන එළවළු වෙළදුන් කිප දෙනකුම පවසනුයේ සමහර ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිල ගණන් අඩුවුවද මෙම ප්‍රදේශයන්ට එළවළු රැගෙන ඒමේදි පවතින ප්‍රවාහන ගාස්තු ඉහළ යාමත් සමග තමන්ට ලැබෙන එළවළු තොග මිල ඉහළ යාමේන් මෙම තත්වයන් උදාවි ඇති බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories