එළවළු මිල ඉහළ යාම හමුවේ ඇතිවන වියදම් අවම කිරීම සඳහා ගෙවතු නඩත්තු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පසුගිය කාලයේ ඇදහැලුණු අධික වර්ෂාවෙන් එළවළු වගාවන් කිහිපයක් විනාශ වී ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.

මේ හේතුවෙන් මේ වනවිට එළවළු සඳහා ඉහළ මිලක් අය කිරීමට සිදුව ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරයි.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු කියා සිටියේ අඛණ්ඩව පවතින අධික වර්ෂාව හේතුවෙන් මෙවැනි තත්ත්වයක් ඇති විය හැකි බවට තමන් මීට පෙර අනතුරු ඇඟවීමක් කළ බවයි.

එබැවින් මිරිස්, තක්කාලි සහ විවිධ කොළ වර්ග වැනි මූලික අවශ්‍යතා සහිත ගෙවත්තක් පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

More Stories