නිදහස ලැබී වසර 71 ක් ගත වුවත් මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කථා කළ රජයක් මෙතෙක් නොතිබුණු අතර ඔවුන්ගේ ප‍්‍රශ්න කථා කළේ උණ්ඩයෙන් බවත් ඉන් සියලූ ප‍්‍රශ්න යටපත් කළ බවත් මාධ්‍යවේදී ජනුර් කිචිලාන් මහතා පවසයි.

මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව මාධ්‍යවේදීයෝ ඝාතනය කිරීම්, පොදු දේපල සොරකම් කිරීම් කළා පමණක් නොව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංගගේ ශරිර කොටස්ද හොරකම් කර ඇති බව පහුගිය දින වල හෙළි වු බව ඔහු පවසයි.
වත්මන් ආණ්ඩුව විවේචනය කිරීමට ඕනෑම අයෙකුට නිදහසක් ඇති හෙයින් දිනු නිදහස රැුක ගත යුතු බවත් මෙය පත්තරකරුවන්ට පමණක් නොව මෙරට සිවිල් සංවිධාන, රාජ්‍ය නොවන සංවිධාන හෝ සාමාන්‍ය ජනතාවට එක සේ බලපෑම් කරන බවද ජනුර් කිචිලාන් මහතා පවසයි.

අද ඇතැම් උද්ඝෝෂකයින් මහ ම`ග නිදා ගෙන කිසිදු බියකින් තොරව උද්ඝෝෂණය කරන්නේද මේ රජය ඊට නිදහස ලබා දි ඇති හෙයින් බවත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ නම් මේවාට පිලිතුරු දුන්නේ උණ්ඩයෙන් බවත් එහෙයින් මේ දිනු නිදහස රැක ගත යුතු බවද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියි.

ඔහු මේ බව පවසා සිටියේ කොළඹ, පදනම් ආයතනයේ පැවති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සදහා වු මාධ්‍ය වේදියෝ සංවිධානය විසින් සංවිධානය කර තිබු ’දිනු නිදහස රැුක ගනිමු -ඒකාධිපතිත්වයට වැට බදිමු’ යන රැස්වීමේදීය.

More Stories