ඔමික්‍රොන් කොවිඩ් ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන් ගෙවුණු සතියේදී ලොව පුරා වාර්තා වී ඇති ඔමික්‍රොන් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 180 දක්වා ඉහළ ගොස් තිබේ.
තෙවැනි කොවිඩ් රැල්ලේ බලපෑමට ලක්ව සිටින ඉන්දියාවෙන් ද ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ආසාදිතයන් වාර්තා වූ අතර, ප්‍රංශයෙන් හඳුනා ගත් ආසාදිතයන් ගණන 425,000කට අධිකය.
එක්සත් රාජධානිය, බ්‍රසීලය, ඉතාලිය, ස්පාඤ්ඤය, ජර්මනිය, ආර්ජන්ටිනාව යන රටවලින් ද දෛනික ආසාදිතයන් ලක්ෂයේ සීමාව ඉක්මවා වාර්තාවී තිබීම විශේෂත්වයකි.