මීට ටික කලකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉන්දියාවෙන් මෙරටට දුන් සුවසැරිය ගිලන් රථ සේවාවට පහර දුන්නේය. ඇමරිකන් හා ඉන්දියන් අධිරාජ්‍ය විරෝධය නැතිව නින්ද නොයන පචවංශලාද හෙදියන්ගේ කරපිටින් ගොස් සෞඛ්‍ය සේවය සමතලා කරන භික්ෂූ පාර්ශ්වය ඇතුළු පිරිසක් ද සුවසැරියට පහර දුන්හ. අන්තිමේදී සුවසැරිය ගිලන්රථ ආරක්ෂාව සඳහා පොලිස් ස්ථාවල රඳවා තැබීමට සිදුවිය. පසුගිය දිනෙක සුවසැරියට බැට දුන් භික්ෂුවකට හෘදයාබාධයක් ඇති විය. පොඩිනම සුවසැරිය කැඳවූහ. ලොකුනම ගිලන් රථයෙන් වැඩම කොට දිවිබේරාගත්හ.
“ඕක තමා සුවසැරිය” පොඩි නම මතක් කළහ. ලොකු නමට කටඋත්තර නැති විය.
මෙකී නොකී බොහේ පාශ්ව ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු යැයි උදේ හවා බණට කියමින් රට බෙරා ගැනීමේ අවසන් අවස්ථාව ළඟ එන බව කියති. රට බේරාගන්නා දිව්‍ය පුත්‍රයාගේ නමද සඳහන් කරති. දිව්‍ය පුත්‍රයාගේ නියෝගයෙන් එලොව යවන ලද අය ගැන තවමදුක්වන එම පවුල්වල සාමාජිකයන්ට කුමක් සිතෙනු ඇතිද? ඒ නිසා අවසන් අවස්ථාව කුමක්දැයි සිහිබුද්ධියෙන් තෝරා බේරා ගැනීම රටවැසියන්ගේ ශරීර සෞඛ්‍යයට හොඳ බව කිව යුතුය.
ඇතැම් ආගමික නාලිකා මේ දිනවල හැසිරෙන්නේ තම ශාස්තෘවරයාටත් වඩා දේශපාලකයා හිස් මුදුනේ තබා ගැනීමෙනි. ඇතැම් ධර්ම දේශනා පවත්වනු ලබන්නේ නීතිඥවරුන් හෝ ගණතාචාර්යවරුන් විසිනි. ඔවුන්ගේ බණෙහි තේමාව රට බෙදීමේ අනතුරයි. ඇමරිකන් ආක්‍රමණයයි.