gossip news today

ඖෂධ මිල ගණන් අද(15) සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවද , ඊට අදාළව නව මිල ගණන් ක්‍රියාත්මක වන්නේ මේ මස 26 වැනිදා සිට බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60ක මිල ඒ අනුව පහත දමන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.

සෙසු ඖෂධවල මිල ගණනන් ද ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

වේදනා නාශක, හෘද රෝග, දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ආදී රෝග සඳහා භාවිත කරන ඖෂධ හා එන්නත් වර්ග 60ක මිල අඩුකර ඇත. කෙසේ නමුත්, වැඩි මිලට ගෙන්වන ලද මෙම ඖෂධ තොග තවමත් ඖෂධ හල් (ෆාමසි) වල තිබෙන බැවින් මෙලෙස නව මිල ගණන් ක්‍රියාත්මක වන්නේ මෙමස 26 වැනිදා සිටය. ඖෂධ මිල සංශෝධනයත් සමග රුපියල් 4.16කට අලෙවි කෙරුණු පැරසිටමෝල් මිලි ග්‍රෑම් 500 පෙත්තක නව මිල රුපියල් 3.50ක් වේ. අධික රුධිර පීඩනයට භාවිත කරන ENALAPRIL මිලි ග්‍රෑම් 05 පෙත්තක පැවැති මිල රුපියල් 14.18ක් වූ අතර, එහි මිල රුපියල් 2.26කින් අඩුවේ. රුධිරයේ කොලෙස්ටරෝල් සහ අනෙකුත් ලිපිඩ මට්ටම අඩු කිරීමට භාවිත කෙරෙන ATORVASTATIN මිලි ග්‍රෑම් 05 පෙත්තක් රුපියල් 15.19කට අලෙවි කළ අතර, එම පෙත්තක් රුපියල් 2.43කින් අඩුවේ. තවද රුපියල් 7.08කට අලෙවි කෙරුණු ඇස්ප්‍රීන්මිලිග්‍රෑම් 75ක පෙත්තක මිලද රුපියල් 1.13කින් අඩුකර ඇත.

ස්වසන අපහසුතාවලදී භාවිත කෙරෙන රුපියල් 1326.53කට අලෙවි කෙරුණු BECLOMETHASONE (Metered dose inhaler 200 doses – 200 mcg) ඉන්හේලරයක මිලද රුපියල් 212.24 කින් අඩුවේ.

More Stories