dailyreporter

කංසා වගාකර අපනයනය කිරීමට අදාළ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සදහන් කළාය.

දේශීය ආයෝජකයින්ට මේ සදහා අවස්ථාව හිමිවන අතර ඒ සඳහා සිදුකරන ආයෝජනයන් ඩොලර් මගින් සිදුකිරීම කළ යුතු බවද රාජ්‍ය අමාත්‍යවරිය සදහන් කළාය.

විදෙස් ආයෝජකයින් කැඳවීමේ කටයුතු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය හරහා ඉදිරියේදී සිදුකරන බවද රාජ්‍ය අමාත්‍යවරිය තවදුරටත් සදහන් කළාය.

විදේශ විනිමය ගෙනෙන ඩොලර් මැෂිම කැබිනට් අනුමැතිය සමග තමා ලංකාවේ සවි කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවාදී තීරණ ගැනීමේදී කිසිම බලවේගයකට යටත් නොවන රොබින් හුඩ් වැනි වීරයකු බවද සදහන් කළාය.

More Stories