ජනාධිපති මැතිවරණයට දින නියමකර තිබියදි උතුරුමැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් අනුරාධපුර නව බස් නැවතුම්පලේ කඩ කාමර විසි හයක් බෙදාදීමට ටෙන්ඩර් කැදවීම මැතිවරණ නීති උල්ලංගණය කිරිමක් බව පවසමින් අධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සමකට කරුණු දැක්විම සදහා මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු හය දෙනෙකුට ලබන මස (11දා) අධිකරණය හමුවේ පෙනි සිටින ලෙස උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු ගිහාන් රණවක මහතා නොතිසි නිකුත් කලේය.

ජේෂ්ඨ නීතිඥ අනෝමා දිසානායක මහත්මියගේ උපදෙස්මත නීතිඥ ආසිරි දිසානායක මහතා අධිකරණය හමුවේ පෙත්සම ගොනුකර තිබෙන අතර නව බස් නැවතුම් පලේහි වෙළදසැල් හිමියන් දෙදෙනෙකු පෙත්සම්කරුවන් ලෙස ඉදිරිපත්වි තිබේ.

එහි වගඋත්තරකරුවන් වන්නේ උතුරු මැද පළාත් මාර් ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය එම අධිකාරියේ සභාපති නීතිඥ ඉහලගෙදර විජිත කුමාර එම ආයතයේ සාමාන්‍යාධිකාරි ජී.වීරවිජය එම ආයතනයේ පරිපාලන නිලධාරි කපිල බංඩාර ජයතිලක අනුරාධපුර නව නගර බස් නැවතුමේ ස්ථානාභාර නිලධාරි යූ.බී.වසන්ත ප්‍රියලාල් හා උතුරුමැද පළාත් ප්‍රධාන අමාත්‍යංශ ලේකම්වරයා හා උතුරුමැද පළාත් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්වරයායි.

මැතිවරණ කොමසාරිස්වරයාගේ චක්‍ර ලේඛවලට අනුව 2019 සැප්තැම්බර් 18 වනදා සිට නොවැම්බර් මස 16 වනතුරු මැතිවරණ කාල පරිච්ඡේදයක් බැවින් එම කාලයතුලදි අදාල පාර් ශවයන් මැතිවරණයෙන් වාසි ලබාගැනීම සදහා ටෙන්ඩර් කැදවීම සිදුකර තිබෙන බව පෙත්සම් පාර් ශවය අධිකරණයට සැලකර සිටියේ.

ටෙන්ඩර් කැදවීමේ අවසන් දිනය ඔක්තොම්බර් මස 01දා අවසන්වන බවට සදහන්කර ඇතත් ඒ සදහා කිසිවෙකු ඉදිරිපත් නොවීම නිසා නැවතත් එම දිනය නොවැම්බර් මස 01දා දක්වා දීර්ඝකර තිබෙන බවත් පෙත්සමේ සදහන්වේ.

රීට් අංක NCP/PHC/ANP/writ/14/2019 දරණ නඩුව අධිකරණය හමුවට ඉදිරිපත්කල අවස්ථාවේ පෙත්සම්කරුවන් විසින් අධිකරණයට සිදුකල තහවුරු කිරිම් සම්බන්ධයෙන් සෑහීමකට පත්වු විනිසුරුතුමන් සියළුම වගඋත්තරකරුවන්ට ලබන මස 11දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නොතිසි නිකුත් කලේය.

අනුරාධපුර මහේෂ් විජේසුරිය

More Stories