හින්දු භක්තියන් විසින් වාර්ෂිකව සිදුකරනු ලබන කතරගම දෙවියන් පිදීමේ පාද යාත්‍රාව කුමන ජාතික වන උද්‍යානයේ ඔකඳ දේවාලය අසලින් පසුගියදා ආරම්භ විය.

මෙම පාද යාත්‍රාව කිලෝමීටර් 79ක් පමණ කුමන හා යාල ජාතික වන උද්‍යානය හරහා ගොස් කතරගම දේවාලය දක්වා ගමන් කරනු ඇති.

වාර්ෂිකව සිදුකරන මෙම කටයුත්ත සඳහා දිවයිනේ නන් දෙසින් පැමිණෙන හින්දු භක්තිකයින් විශාල සංඛ්‍යාවක් සහභාගී වනවා.

මෙම කටයුතු සාර්ථක කර ගැනීම සඳහා යුද හමුදාව විසින් අවශ්‍ය පහසුකම් සැලසීම මෙවරත් සිදුකරනු ලබනවා.

More Stories