කදුකර වතු ජනතාවට ඉඩම් අයිතිය ලබා දෙන ලෙස ඉල්ලමින් කදුකර ඉඩම් අයිතිය උදෙසා සංවිධාන විසින් සංවිධානය කරන ලද පාගමනක් 21වන දින හැටන් නගරයේදි පවත්වන ලදි.

මෙහිදි අදහස් දැක්වු එම සංවිධානයේ සභාපති එස්. ගනේසලිංගම් මහතා පවසන ලද්දේ වතුකර ජනතාව ලංකාවට පැමින වසර 200ක් ගතවුනත් මේ වන තෙක් මෙම ජංනතාවට ඉඩම් අයිතියක් ලැබි නොමැති බවත්ය.

සමහර වතු කම්කරුවන් සදහා වතු තුල නිවාස ඉදිකර දුන්නද එයින් සමහර නිවාසවලට ව්‍යාජ ඔප්පු ලබාදි ඇති බවත් එම තත්වයන් මත එම නිවාසවල අයිතියද නිසි ලෙස ඔවුන්ට ලැබි නොමැති බවත්ය.

වතුකරයේ ජනතාවද මේ රටේ පුරවැසියන් බවත් එවන් තත්වයන් මත එම ජනතාවටද නිසි ලෙස ඉඩම් නිවාස අයිතිය ලබා දිය යුතු බවත් පසු ගිය වර්ෂයේ ජුනි මස 21වන දින ඉඩම් දිනය ලෙස ප්‍රකාශ කල බවත් මෙම දිනය ඉදිරියේදි සැම වර්ෂයකදිම සැමරිමට පියවර ගන්නා බවද ඔහු වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත්  සෙල්ලහේවා – හැටන්

More Stories