මත් ද්‍රව්‍ය පිළිබද වැරදිකරුවන් පුනරුත්ථාපනය කරනු ලබන කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාධිතයන් ප්‍රමාණය ඉහළ යමින් තිබෙන බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සාමාන්‍ය සමාජයෙනු ත් මේ වන විට ආසාධිතයින් තිදෙනෙකු හමු වී ඇති බවත් වැඩ බලන ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවසීය.
කන්දකාඩු පුනරුත්ථාපන කදවුරේ රැදවූවන් හා එහි රාජකාරි කළ නිලධාරින් ඇතුළු පුද්ගලයින් 605කගේ පී.සී.ආර්.පරික්ෂණ සිදු කර ඇති අතර එහි වාර්තා මේ වනවිටත් ලැබෙමින් පවතින බවත් 400කට ආසන්න පිරිසකට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී තිබෙන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.
කෙසේ වෙතත් මේ වන විට නව ආසාධිත පොකුර වාර්තා වීමත් සමග කොරෝනා සමාජ ගත වී ඇත්දැයි සොයා පුළුල් මෙහෙයුම් ආරම්භ කර තිබෙන බවත් මෙය ඉතාම සංකීර්ණ තත්වයක් වී ඇත්තේ මාසයකටත් වැඩි කාලයක් මෙම නව ආසාධිතයින් සැරි සැරූ ප්‍රදේශ හා ඇසුරු කළ පුද්ගලයින් සෙවීම දැඩි වෙහෙසක් ගෙන කළ යුත්තක් බව ද ඒ මහතා පැවසීය.
මේ අතර ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් එක් ආසාධිතයෙකුත් වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයෙන් ආසාධිතයින් 02 කුත් වාර්තා වූ බව හෙතෙම වැඩි දුරටත් පැවසීය.මෙම පුද්ගලයින් තිදෙනා ගේ නිවෙස් හා ඔවුන් ආගිය තැන් පිළිබදවත් එම ප්‍රදේශවල ඇසුරු කළ පුද්ගලයින් සෙවීම මේ වනවිට කඩිනම් කර තිබෙන බව ද හෙතෙම වැඩි දුරටත් කීය.
පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයේ නිලධාරින් ,පොලොන්නරුව බන්ධනාගාරයේ සේවකයින් , රැදවූවන් හා පොලොන්නරුව පොල් සංවර්ධන මණ්ඩලයේ සේවකයින් ගේ පී.සී.ආර්.පරික්ෂණ අනුව මේ වන විට සෞඛ්‍ය කාර්්යමණ්ඩලවලට කොරෝනා වෛරසය ආසාධනය වී නොමැති බව තහවුරු වී ඇතැයි ද වෛද්‍ය සරත් ජයසිංහ මහ්තා වැඩි දුරටත් කීය.
ඊසා මුදියන්සේ – පොලොන්නරුව