karapitiya-hosptial

කැකුළු හාල් මිල දී ගැනීමට නොහැකිවීම හේතුවෙන් දැනට දින කිහිපයක සිට කරාපිටිය ශික්ෂණ රෝහලෙන් සපයන බත්වේලට ඇත්ත‍ේ සුදු හාලෙන් සැකසූ බත් පමණි.

දියැවැඩියාව වැනි ආහාර පාලනය කළ යුතු රෝග සහිත නේවාසික රෝගීන්ට නියමිත ප්‍රමිතියකට අනුව ආහාර සැපයීම රෝහල මගින් සිදුකරයි.

එවැනි රෝගීන් සහා අනිවාර්යයෙන් ම කැකුළු හාලෙන් පිසින ලද බත් සැපයීම සිදුවුව ද මේ වනවිට කිසිදු ස්ථානයකින් කැකුළු සහල් මිල දී ගැනීමට නොහැකිවීමෙන් රෝහලේ නේවාසික රෝගීන් සියලු දෙනාට සපයනු ලබන්නේ සුදු හාල් යොදා සකසන ලද ආහාරවේලකි.

Similar Posts