යාපනයේ තිරුණවේලී ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය සුපිරි වෙළෙඳසලක කල් ඉකුත් වූ හාණ්ඩ 48 ක් අලෙවි කිරීම සම්බන්ධයෙන් චෝදනා හතකට වැරදිකරුවකු වූ එම සුපිරි වෙළෙඳසලේ අයිතිකරුට යාපනය අධිකරණය මඟින් රුපියල් එක් ලක්ෂ අසූදහසක දඩ මුදලක් නියම කොට තිබේ.
තිරුණවේලී ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට ලැබුණු තොරතුරක් මත තවත් නිලධාරීන් පස් දෙනෙකු සමඟ ගොස් එම සුපිරි වෙළෙඳසලේ භාණ්ඩ පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී කල් ඉකුත් වූ භාණ්ඩ හමු වී තිබේ. මේ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ ගොනු කළ නඩුවට අදාළ සියලුම චෝදනාවලට වෙළෙඳසලේ අයිතිකරු වරද පිළිගත් අතර මහේස්ත්‍රාත්වරයා ඔහුට දැඩි ලෙස අවවාද කොට මෙම දඩ මුදල නියම කොට තිබේ.
කල් ඉකුත් වූ භාණ්ඩ සියල්ලම යාපනයේ මිනිසුන් ජීවත් නොවන ප්‍රදේශයකට රැගෙන ගොස් විනාශ කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට නියෝග කොට තිබේ.