විදුලිබල වෘත්තීය සමිති පැවැසූ කළුවර ජූලිය උදා නොවන බවත් එම සදහන් කළ මතය අසත්‍යක් බවද විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සදහන් කරයි.
මෙම වසර සඳහා අවශ්‍ය සියලුම ගල්අඟුරු තොග ලැබී ඇති බවත් නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය 30 වැනි ගල්අඟුරු නෞකාවේ ගල්අඟුරු මේ වනවිට ගොඩබාමින් පවතින බවද අමාත්‍යවරයා සදහන් කරයි.
මෙරටට ගල්අඟුරු ගෙන්වාගැනීමට නොහැකි වීම හේතුවෙන් “කළුවර ජූලියක්” බලාපොරොත්තු වන ලෙස විදුලිබල වෘත්තීය සමිති මීට පෙර සදහන් කළේය.