අද මේ රටේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ අවශ්යන්නේ ඉදිරියට ඒමට පියවර ගැනිමයි මේ වන විට මේ රටේ කාන්තාවන් ගුවන් යනා පදවන තත්වයන්ටද පත්ව තිබෙන බව නුවරඑළිය දිස්ත්‍රික් ජාතික ජනබල වේග පාර්ලීමේන්තු මන්ත්‍රි ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය පවසයි.
කාන්තා හිංසනය පිටු දකිමු යන තේමාව යටතේ ප්‍රිඩෝ ආයතනය මගින් සංවිධානය කර තිබු කාන්තා හමුවක් අමතමින් ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය මේ බව පවසන ලදි.
හැටන් උත්සව ශාලාවකදි මෙම හමුව පැවති අතර එහිදි වැඩි දුරටත් කතා කල ක්‍රිෂ්නන් කලේචෙල්වි මහත්මිය මේ කාන්තාවන්ට අද ගෙදරින් එලියට එනවා කියන එකත් ප්‍රශ්නයක් මොකද මේ කාන්තාව ගෙදරින් එලියට බහින්න පෙර තම ස්වාමියාගේ තම දරුවන්ගේ අවශ්‍ය කටයුතු නිම කල යුතු වෙනවා.
එහෙම තියෙද්දිත් අද වන විට මේ රටේ බොහෝ කාන්තාවන් විවිධදේ කරමින් මේ රටේ ඉහල තැන්වලට ඒමට පියවර ගන්නවා එසේ කාන්තාවන් ඉදිරියට ඒමට පටන් ගත්ත නිසා තමයි මේ වන විට පාර්ලීමේන්තු මංත්රිරියන් ලෙස කාන්තාවන් විසි දෙනකු පමන ඉන්නේ.
මේ රටේ සියයට පනස් දෙකක් පමන ඉන්නේ කාන්තාවන් අද වන විට මේ කාන්තාවන්ට සිදු වන විවිධ හිංසන ගැනත් තැන තැන කතා වෙනවා මේ ප්‍රිඩෝ ආයතනයට ස්තුතිය පුදකල යුතුයි මේ කාන්තා හිංසනයන් පිලිබදව නිරන්තරයෙන් සොයා බැලිම ගැන.
ප්‍රිඩෝ ආයතනය කාන්තා හිංසනය ගැන පමනක් නොවෙයි විශේෂයෙන් මේ වතුකර කාන්තාවන් ඉදිරියට ගැනිමට විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කරනවා එම වැඩ සටහන් තුලින් මේ වතුකර කාන්තාවන් බොහෝ පිරිසක් මේ වන ඉදිරියට පැමින තියෙනවා.
මේ කාන්තාවන්ට කරන්න බැරි දෙයක් නැහැ අවශ්‍ය ඉදිරියට ඒමට පියවර ගැනිමයි එසේ ඉදිරියට පැමිනි කාන්තාවයන් මේ රටේ විවිධ කේෂත්රවල උසස් තනතුරු දරමින් කටයුතු කරනවා එම තත්වයන් මතයි මේ රටේ කාන්තාවන් ගුවන් යනා පදවන තත්වයන්ට පවා ඉදිරියට ඇවිත් තියෙන්නේ.
මෙහිදි හැටන් මුලස්ථාන පොලිසියේ ලමා කාන්තා කාර්යාංශය බාර ප්‍රධාන පොලිස් පරික්ෂකා කුමාරි මහත්මිය ප්‍රිඩෝ ආයතනයේ විධායක අධ්යක්ෂ මයිකල් ජෝකින් මහතා ඇතුළු කිප දෙනකුම කතා කරන ලදි.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්