කාන්තා ප්‍රඥප්තියක් සැකසීම වෙනුවෙන් අවධානය යොමු කරන බව අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි.

සෑම දරුවෙකු මෙන්ම, සෑම කාන්තාවක්ම, සතුටින් සහ ආරක්ෂිතව සිටින රටක් බවට පත් කිරීම තම රජයේ අරමුණ බවයි ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවේ.

අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මියව පිලිගැනීමේ උත්සවයක් මාතරදී පැවැත්විය. ඇය අධ්‍යාපනය ලැබූ ශාන්ත මරියා කන්‍යාරාමයයි එය සංවිධාන කර තිබුණි.

මෙම අවස්ථාවට පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිතුමිය, රුහුණු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය, සර්ව ආගමික නායකයින් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියේය.

More Stories