kasalre

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින දැඩි වර්ෂවත් සමග කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

පසු ගිය දිනවලදි මෙම ප්‍රදේශයන්ට පැවති වියළි කාලගුණික තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම දැඩි ලෙස පහල බැස තිබුනද මේ වන විට පවතින වැසි තත්වයන් මත ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පිටාර මට්මට අඩි 35 දක්වා වර්ධනයවි ඇති බවද එම නිලධාරියා පැවසිය.

මේ වන විට මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා ජල විදුලි බලාගාර වෙත උපරිම අයුරින් මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා

More Stories