මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් ඉහල යමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම මෙසේ ඉහල යමින් පවතින බවත්ය.

එම තත්වයන් මත 05වන දින උදැසන වන විට කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටම අඩි 31 අගල් 02ක් පහලින් පවතින බවත්  මෙම දින දෙක තුන තුලදි පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම අඩි තුනකින් පමන ඉහල ගොස් ඇති බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

ඉදිරි දිනවලදි වැසි පතිතවුවහෝත් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය ඇතුළු විවිධ ස්ථානවල පස් කදු කඩා වැටිමේ අවදානමක්

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඉදිරි දිනවලදි වැසි පතිතවුවහෝත් අඹගමුව ප්‍රාදේශිය ලේකම් බල ප්‍රදේශය ඇතුළු විවිධ ස්ථානවල පස් කදු කඩා වැටිමේ අවදානමක් පැවතිය හැකි බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ එච්. එම්. එම්.බී. බණ්ඩාර මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු බණ්ඩාර මහතා පවසන ලද්දේ මේ වන විට නුවරඑළිය දිදස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට පවතින වැසි තත්වයන් ඉදිරි දිනවලද පැවතියහෝත් අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ විවිධ ස්ථානවල මෙන්ම හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මෙන්ම අවට මාර්ගවල යම් යම් ස්ථානවල පස් කදු කඩා වැටිමේ අවදානමක් පැවතිය හැකි බවත්ය.

මෙම තත්වයන් හේතුවෙන් පස් කදු අසල ජිවත් වන පිරිස් දැඩි අවදානයකින් සිටිය යුතු බවත් මෙම ප්‍රදේශයන් තුල මාර්ග අයිනේ රථ වාහන නතර කරන පිරිස්ද දැඩි අවදානයකින් සිටිය යුතු බවද බණ්ඩාර මහතා වැඩි දුරටත් පැවසිය.

මෙසේ  හැටන් නගරයට අධික වැසි පතිත විමත් සමග නගරයේ කාණු පද්දති අවහිර විමෙන් වැසි ජලය මාර්ගයේ ගලා යාමත් සමග නගරයට පැමිනි විවිධ පිරිස් දැඩි අපහසුතාවයන්ට පත් විය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories