මධ්‍යම කදුකරයේ පවතින ප්‍රධාන ජලාශයක් වන කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 29යි අගල් 08ක් පහලින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ පසු ගිය දිනවල මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පැවති වැසි තත්වයන් මත මෙම ජලාශයේ ජල මට්ටම සැලකිය යුතු ප්‍රමානයකින් ඉහල ගියද එම වැසි තත්වයන් නතර විමත් සමග මෙම ජලාශයේ ජල මට්ටම ක්‍රමයෙන් මෙසේ පහල බැස ඇති බවත්ය.

ජල මට්ටම මෙසේ ක්‍රමයෙන් පහල බැස්සද මෙම ජලාශයේ මේ වන විට පවතින ජලය ජල විදුලිය නිපදවිමට බාධාවක් නොවන බවත් මෙහි ජලය ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස ලබා දිමට කටයුතු කරන බවත් එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories