මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට මෙම දිනවල සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් මත කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවති.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මෙම ප්‍රදේශයන්ට සවස් කාලයේ පවතින අධික වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල මට්ටම සිග්‍රයෙන් ඉහළ යමින් පවතින බවත්ය.
ඒ අනුව 21වන දින උදැසන වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි හයයි අගල් හතරක් පහලින් පවතින බවතින බවත් මෙම ජලාශයේ ජලය ජල විදුලිය නිපදවිම සදහා ජල විදුලි බලාගාර වෙත උපරිම ලෙස මුදා හැරිමට පියවර ගන්නා බවත්ය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories