kasalre1

කාසල්රි ජලාශයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන හැටන් ප්‍රදේශයට තද වැසි පතිත විය.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය මාස කිහිප තුල පැවති අධික වියළි කාලගුණයත් සමග හැටන් ප්‍රදේශයට පානිය ජලය ලබා ගන්නා ජල මුලාශ සිදියාම නිසා හැටන් ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රදේශයේ ජල පාරිභෝගිකයන්ට දිනකට වරක් සිමා කර පානිය ජලය ලබාදිම නිසා එම පාරිභෝගිකයන් දැඩි අසිරුතාවයට පත් වි ඇත.
තවද පැවති වියළි කාලගුණය හේතුවෙන් ප්‍රදේශයේ එලවළු වගා කරන ගොවින් වැසි නොමැතිව දැඩි පිඩාවට පත් වි සිටි අතර , පතිත වු වර්ෂාව එලවළු වගාවට මෙන්ම ජල මුලාශ යලි සක්‍රිය විමට ප්‍රමාණවත් බවයි හැටන් ප්‍රදේශවාසින් කියා සිටියේ.

රංජිත්

Similar Posts