මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් හේතුවෙන් කාසල්රි ඡලාශයේ ජල මට්ටම් පිටාර මට්ටමට ඉතාමත් අසන්නවෙමින් පවතින බව එම ජලාශබාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට මෙම දිනවල පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ඉතාමත් ආසන්නව පවතින බවත්ය.

ඒ අනුව මේ වන විට මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අගල් 08ක් පහලින් පවතින බවත් මෙම ජලාශයේ ජලය මේ වන විට ජල විදුලිය නිපදවිම සදහා උපරිම ලෙස මුදා හැරිමට පියවර ගෙන ඇති බවද එම නිලධාරියා වැඩි දුඑරටත් පැවසිය.

අධික වැසි තත්වයන් හේතුවෙන් මසක් වැනි කෙටි කාලයක් තුලදි නොර්ටන් බ්‍රිජ් විමලසුරේන්ද්‍ර ජලාශය හයවන වරටත් වාන් දැමිම ආරම්භවි ඇත.
මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මේ වන විට මධ්‍යම කදුකරයට පවතින වැසි තත්වයන් සමග විමලසුරේන්ද්‍ර ජලාශය නැවත වාන් දැමිම ආරම්භවි ඇති බවත්ය.

මසක් වැනි කෙටි කාලයක් තුලදි මෙම ජලාශය හයවන වරටත් මෙසේ වාන් දැමිම සිදුවන බවත් මේ වන විට එම ජලාෂයේ ජලය අගල් දෙකක් පමන ඉහලින් වාන් දැමිම සිදුවන බවත් මෙම ජලාශය මෙසේ වාන් දැමිමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම තව දුරටත් ඉහල යාහැකි බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලදි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories