මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින වැසි හේතුවෙන් කැනියන් ජලාශයේ ජල මට්ටම ඉහල යාමත් සමග එහි එක් වාන් දොරටුවක් අගල් තුනක් (03) විවෘත කිරිමට පියවර ගත් බව එම ජලාශය බාර නිලධාරියකු පැවසිය.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ කැනියන් ජලාශයට ජලය සැපයෙන ජල පෝෂක ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් මෙම ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට පැමිනිමත් සමග ජලාශයේ වාන් දොරටුවක් අගල් තුනක් විවෘත කිරිමට පියවර ගත් බවත්ය.

ඉදිරියේදි වැසි තත්වයන් වැඩි වුවත් අනික් වාන් දොරටුවද විවෘත කිරිමට පියවර ගන්නා බවද එම නිලධාරියා තව දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories