මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දමමින් පවති.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කැනියන් හා විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම් 13වන දින සිග්‍ර ලෙස ඉහල ගිය බවත්ය.
එම තත්වයන් මත 13වන දින සවස කැනියන් ජලාශයේ වාන් දොරටු දෙකක් අගල් තුන බැගින් විවෘත කිරිමට පියවර ගෙන ඇති බවත් නොර්ටන් බ්‍රිජ් වීමලසුරේන්ද්‍ර ජලාශයද 13වන දින සවස සිට වාන් දැම්ම සිදුවන බවත් මෙම තත්වයන් මත කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories