dailyreporter

බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රීවරයෙකු ඔහුට ලබාදි ඇති කැබ් රථයකින් තණ කොල ඇදිම කොයි තරම් දුරට සාධාරනද යන්න ප්‍රශ්නයක් බව සමස්ථ ලංකා ප්‍රගතිශීලි සේවක පෙරමුණේ නායකෙ ආචාර්ය ඉලංගෝ ගාන්ධි මහතා පවසයි.

මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු ඉලංගෝ ගාන්ධි මහතා මේ වන විට බදුල්ල දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ පාර්ලීමේන්තු මන්ත්‍රිවරයක් ඔහුට රජයෙන් ලබාදි ඇති කැබ් රථයකින් තණ කොළ රැගෙන යාමේ සිද්ධියක් සමාජ මාධ්‍ය තුල සැරි සරනවා මෙය කොතරම් දුරට සාධාරනද යන්න ප්‍රශ්නයක්.
මොකද පසු ගිය කාලය පුරාවට රාජ්‍ය දේපල අවිභාවිතය, රාජ්‍ය දේපල අවිභාවිතය යනුවෙන් පවසමින් විවිධ දේශපාලයන්ට බැන වදිමින් තමන් කිසි විටක රාජ්‍ය දේපල අවිබාවිතා නොකරන බවට දස අතේ පොරෝන්දු ලබා දෙමින් පාර්ලීමේන්තුවට පත්ව ඇති ජාතික ජනබල වේගයේ මංත්‍රිවරයකු මෙසේ කිරිම සධාරනද මෙය රාජ්‍ය දේපල අවිභාතයක් නොවෙයිද.

මෙම මන්ත්‍රිවරයාට මෙම කැබ් රථය ලබාදි තිබෙන්නේ ඔහුගේ පරිහරනට මිස ඔහුගේ ගව පට්ටියට තණ කොල ඇදිමට නොවෙයි මොකද මෙම මංත්‍රිවරයාට ගව පට්ටියක් පවතින බවත් එම ගව පට්ටිය සදහා මෙසේ තණ කොළ රැගෙන යන බවටත් තොරතුරු ලැබෙනවා එම නිසා මේ පිලිබදවත් ජාතික ජනබල වේගයේ නායකත්වය සොයා බැලිය යුතුයි.

මොකද ජාතික ජනබල වේගයේ නායකයන් නිතර පැවසුව දෙයක් තමයි තම සමාජිකයන්ටද කිසි විටක රාජ්‍ය දේපල අවිබාවිතා කිරිමට අවසර නොදෙන බවත් එවන් දෙයක් යම් අයකු කල හොත් එයට එරෙහිවද නිසි පියවර ගන්නා බවත්ය එම නිසා මෙම සිද්ධිය පිලිබදවද නිසි පරික්ෂනයක් කිරිමටද ජාතික ජනබල වේගයේ නායකත්වය පියවර ගත යුතු බවද ඉලංගෝ ගාන්ධි මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

More Stories