මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි තත්වයන් මත නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිම ආරම්භවි ඇති බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය.
මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග මේ වන විට මෙම ප්‍රදේශයේ ජලාශවල ජල මට්ටම් දැඩි ලෙස ඉහල යමින් පවතින බවත් එම තත්වයන් මත වීමලසුරේන්ද්‍ර ජලාශයේ ජලය පිරි මේ වන විට එම ජලය පිටාර ගලමින් පවතින බවත්ය.
මෙම ජලාශයේ ජලය මෙසේ පිටාර ගැලිමත් සමග කැලණි ගංගාවේ ජල මට්ටම ඉහල යාමේ අවදානමක් පවතින බවද එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලද.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts