වටවල ප්‍රදේශයේ ආයතනයක බැහැර කරනු ලබන කැලි කසල ප්‍රධාන මාර්ගයක් අසලට දැමිමට තැත් කල පුද්ගලයකු හා එම කසල රැගෙන ගිය ලොර් රථය වටවල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු වටවල පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ හැටන් ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු ලොරි රථයකින් වටවල ප්‍රදේශයේ ආයතනයක එකතුවන කැලි කසල රැගෙන ගොස් රෝසැල්ල ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය අසල බැහැර කිරිමට උත්සහ කරද්දි එය දුටු එම ප්‍රදේශයේ ජනතාව විසින් මේ පිලිබදව වටවල පොලිසියට දැනුම්දිමට පියවර ගෙන ඇති බවත්ය.
එම දැනුම්දිමත් සමග ක්‍රියාත්මකවු වටවල පොලිසිය එසේ කැලි කසල මාර්ගය අසල දැමිමට උත්සහා කල අදාල පුද්ගලයා හා එම ලොර් රථය සැක පිට අත් අඩංගුවට ගත් බවත්ය.
අත් අඩංගුවට ගන්නා ලද ලොර් රථය හා අදාල සැකකරු හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට පියවර ගන්නා බදව එම නිලධාරියා වැඩි දුරටත් පැවසිය.
මනුර සුදත් සෙල්ලහේවා – හැටන්