වසර 70වක පමන කාලයක් මේ රට පාලනය කල පාලකයන් මේ රට විනාශ කරමින් ලෝකයේ සමහර රටවලට මේ රට ඩොලර් මිලියන සියයක පමන නයකට පත්කර ඇති බව ජනාධිපතිධුර අකේෂක අරුනළු ජනතා පක්ෂයේ නායක වෛද්‍ය කේ. ආර්. ක්‍රිෂාන්තන් මහතා පවසයි.
මාධ්‍ය වෙත මේ බව පැවසු ක්‍රිෂාන්තන් මහතා වැඩි දුරටත් මෙසේද පවසන ලදි පසු ගිය වසර ගනනාවක් පුරා මේ රට පාලනය කරපු සමහර නායකයන් ආගම් වාදය ජාති වාදය ඇති කරමින් ඔවුන්ගේ දේශපාලනය කර ගෙන ගියා වසර 30ක කාලයක් මේ රටේ යුද්ධයක් ඇති කල ප්‍රභාකරන් උතුරු නැගෙන හිර ඇතුළු බොහෝ ප්‍රදේශවල ද්‍රවිඩ ජනතාවට විශාල හානියක් සිදු කලා.
අද ජනාධිපති තරගයට ඉදිරිපත් වෙලා ඉන්න සමහර අයට මේ රටේ ණය ගෙවන්න නිසි සැලසුමක් නැහැ එක් අයෙක් කියනවා ඩොලර් එක ගානේ හොයාගෙන ණය ගෙවනවා කියලා තවත් අයෙක් කියනවා හොරකම් කරපු සල්ලි හොයාගෙන ණය ගෙවනවා කියලා තව අයෙක් කියනවා අවුරුදු 20කින් මේ ණය ගෙවන්න පුලුවන් කියලා එත් මේ ණය ගෙවන සැලසුම කියන්නේ නැහැ.
චන්ද්‍රිකා රජයේ ජනතා විමුක්ති පෙරමුණට පාර්ලිමේන් මංත්‍රි ආසන හතලිහක් විතර තිබුනා එහි කිප දෙනකු ඇමතිධුරත් දැරුවා එත් කරපු දෙයක් නැහැ එහෙම අය අද රට පාලනය කරන්න ඉල්ලනවා එය හරියට ත්‍රිවිල් එකක් එලවන්න බැරි අයෙක් බස් එකක් එලවන්න ඉල්ලනවා වාගේ.
අද වන විට කෙන්යාවට අපේ රටේ තේ කුඩු සදහා හොද ඉල්ලුමක් පවතිනවා මේ රටේ වසරකට තේ කුඩු ක්‍රිලෝ කෝටි තුනක් පමන නිපදවනවා එයික් තේ කුඩු මිලියන 15ක් පමන කෙන්යාවට ලබා දිලා එයින් ලැබෙන අදායමෙන් සියයට හැත්ත පහක් නය සදහා කපා හැරලා ඉතිරි සියයට විසි පහා මේ රටේ පරිහරනයට ගන්න පුලුවන්.
එවිට අපිට පුලුවන් විවිධ බදු අඩු කිරිම තුලින් තෙල් ගෑස් වගේ දේවල්ව මිල අඩු කරන්න අරුන්ට මුන්ට බැනලා වැඩක් නැහැ අපි මෙය කිරිමට සැලසුම් සකස් කල යුතුයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts