මුදල් ඔට්ටුවට  කුකුළන් කෙටවු පුද්ගලයන්  අට දෙනෙක්,  කුකුළන් දෙදෙනෙක් සමග  මතුගම  ,යටදොළ  ප්‍රදේශයේ දී  අත් අඩංගුවට ගත් බව මතුගම  මූලස්ථාන පොලීසිය කියයි .

කාලයක් තිස්සේ  සිදුකරගනගොස් ඇති මෙම ජාවාරම  පිළිබඳ මතුගම  මූලස්ථාන පොලිස් පරීක්ෂක   පරාක්‍රම උඩවත්ත මහතාට ලද තොරතුරකට අනුව  වැටලිම සිදුකර  එය මෙහෙයවු පුද්ගලයා ඇතුළු  මුදල් ඔට්ටු ඇල්ලු පුද්ගලයන් මෙසේ අත් අඩංගුවට ගෙන  ඇත.

මෙම සැකකරුවන්ට එරෙහිව සත්ව හිංසාව සිදුකිරිම පිළිබඳ  නීතිමය කටයුතු කරන  බව මතුගම  මූලස්ථාන පොලිස්  පරීක්ෂක  පරාක්‍රම උඩවත්ත මහතා කීවෙීය .ප්‍රධාන පොලිස් පරීක්ෂක රුද්‍රිගු මහතා ඇතුළු නිළධාරින් පිරිසක් මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත් අඩංගුවට ගෙන ඇත.

සෝමරත්න පොද්දෙණිය – මිගහතැන්න

Similar Posts