ඉකුත් 25වැනි දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය චම්පා 7 බහුදින යාත්‍රාව ධීවරයින් සය දෙනෙකු සමග පෙරලී අනතුරකට ලක්ව ඇතැයි හම්බන්තොට ධීවර පරීක්ෂක ප්‍රදේශීය කාර්ලය පවසයි.

චම්පා 7 යාත්‍රාවේ හිමිකරුවන ෂෙල්ටන් දයාරත්න මහතා පැවසුවේ පසුගිය 25 දින මුහුදු ගිය යාත්‍රාව පසුගිය 01 දින තෙක් ගොඩ බිම සමග සම්බන්ධ කම් පැවැත් වූ බවයි. යාත්‍රාව අනතුරකට පත්ව ඇති බව  පසුගිය 05 දින සවස ධීවර අමාත්‍යාංශයෙන් තමාට දැනම් දුන් බව ඔහු පැවසීය.

පසුව යාත්‍රාවේ සිටි ධීවරයින් 06 දෙනො පෙරලුනු බෝට්ටුවේ එල්ලී දින හතරක් තිස්සේ මහ මුහුදේ ගත කොට ඇති බව පැවසූ යාත්‍රා හිමිකරු වැඩි දුරටත් කියා සිටියේ ඉන්දීය වෙළද නෞකාවක් විසින් ධීවරයින් සය දෙනා බේරාගෙන ඉන්දියාවට රැගෙන යමින් සිටින බවයි.

අනතුරට පත් චම්පා 7  යාත්‍රාවේ සිට දිවි ගලවා ගෙන ඇත්තේ  දික්වැල්ල කොට්ටගොඩ ,දික්වැල්ල මාලියද්ද, මාතර තොටමුණ මාතර පඹුරණ  හා බොරැල්ලේ  පදිංචි කරුවන් සය දෙනෙකි.

අනතුරට පත් යාත්‍රාවේ සිටි ධීවරයින් සය දෙනා ලංකාවට රැගෙන ඒම සදහා ධීවර අමාතයාංශය කටයුතු කරමින් සිටී.

චන්ද්‍රසේන ගමගේ

More Stories