මත්කුඩු බෙදාහැරීමට පුහුණු කළ සත්ත්වයකු බවට සැක කළ ‘කුස සුදු මුහුදු උකුස්සා’ (White – bellied sea eagle) අධිකරණ නියෝග මත දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයට භාර දුන් බව දෙහිවල ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසීය.

 සංවිධානාත්මක අපරාධ කරුවෙකු වූ අංගොඩ ලොක්කා විදේශයක සිට එවූ බව කියන උකුස්සෙකු නාවලමුල්ල ඌරු කොටුවක කුඩුවක රදවා සිටිය දී පුද්ගලයන් දෙදෙනෙක් සමග පොලිස් භාරයට ගත් බව අතුරුගිරිය පොලිසිය කියයි
     එම ඌරු කොටුවේ සගවා තිබූ වායු රයිෆලයක් ද පොලිස් භාරයට ගෙන ඇත
     පොලිස් භාරයට ගත් මෙම උකුස්සා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා පුහුණු කල එකෙක් දැයි සැක කරන බව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතා පැවසීය
 අංගොඩ ලොක්කාගේ සමීපතමයෙක්ට  මෙම ඌරු කොටුව අයත් බව පොලිසිය කියයි
      එම පුද්ගලයා තියුණු ආයුධයක් සහ ගිනි අවියක් ලග තබා ගැනීම සම්බන්ධයෙන් මීට මාසයකට පමණ පෙර අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර ඇතැයි පොලිසිය කියයි  .
       වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැමිණ සිදු කළ මූලික පරීක්ශාවේ දී මෙම උකුස්සා විදේස් රටකට අයත්  උකුස්සෙකු බවත් පැවසූ බව ස්ථානාධිපති වරයා වැඩිදුරටත් පැවසීය
      අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත් වේ.
සමීර අබේසිංහ (බොරලැස්ගමුව)

Similar Posts