dailyreporter

ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩා වැදුණු අලි රංචුවක් ගොවිපොළ අසල මාර්ගයේ නවතා තිබුණු වාහන 04කට පහරදී හානිකර ඇතැයි ගිරාඳුරුකෝට්ටේ පොලිසිය සඳහන් කරයි.

මෙම අලි ගිරාඳුරුකෝට්ටේ කෘෂිකර්ම ගොවිපොළට කඩාවැදී ඇත්තේ පෙරේදා (15) පෙරවරුවේදීය.

වාහනවලට හානිකර ඇත්තේ මහියංගණය වනජීවී කාර්යාලයේ නිලධාරීන් අලි රංචුව පලවා හරින විටදී බවද පොලිසිය සඳහන් කළේය.

Similar Posts