කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 1141 ක් වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.

ගත වූ පැය 24 වාර්තා වූ මුුළු කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් ගණන 52 කි.

එලෙස වාර්තා වී ඇති රෝගීන් අතර කුවේට් සිට පැමිණි පුද්ගලයින් 49ක්, ඉන්දුනීසියාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ නාවික සෙබලෙක් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අංශ වාර්තා කර සිටියි.

මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් 457ක් රෝහල්වල ප්‍රතිකාර ලබන අතර සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 674ක් වනවා.

Similar Posts