aresst

සීගිරිය අභය භූමියේ සහ මින්නේරිය ගිරිතලේ ස්වභාවික රක්ෂිත සිටින අතරමං වූ සහ කුළු මීහරක් අල්ලා  අඩපණ කොට මස් කඩවලට අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල හෙළි කර ගැනීමට දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමකට හැකි වී තිබේ.

කුළු මි හරක් ඇල්ලීමේ ජාවාරමේ නිරත වූ පුද්ගලයන් පස්දෙනෙකු කුළු මීහරක් තිදෙනෙකු ට්‍රැක්ටර්  රථයක් සමඟ අත්අඩංගුවට ගෙන අද (30) අළුයම් කාලයේ දඹුල්ල පොලිසියට බාරදුන් බව දඹුල්ල පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීහු පවසති.

සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වී ඇත්තේ කැලේ සිටින කුළු මීහරක් වානේ කම්බි වලින් මධු ගසා අල්ලා දින ගණනාවක් නිරාහාරව බැඳතබා අඩපණ වූ පසු රාත්‍රී කාලයේ ව්‍යාපාරිකයාගේ නිකවටවන  පිහිටි මස් කඩයට රැගෙන එන බවයි.

මාතලේ සහ මහනුවර ප්‍රදේශවලින් එන වෑන් රථයකට සහ ශීතකරණ සහිත ලොරි රථයකට ඒවා පටවන බව ද හෙළිවී තිබේ.

 

More Stories