මීගොඩ, උඩගේවත්ත පාර ප්‍රදේශයේ කේරළ ගංජා ගබඩා කරන  ස්ථානයක් පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත  නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින්  සිදු කළ සෝදිසි මෙහෙයුමකදී එම නිවසේ තිබී රුපියල් ලක්ෂ තිහකට ආසන්න වටිනාකමකින් යුක්ත කේරළ ගංජා කිලෝ 18 ක් සහ එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය.
                                   අත්අඩංගුවට පත්වූ සැකකරු වයස අවුරුදු හතළිහක් වන විවාහක අයෙක් බවත් මීගොඩ ඕවිටිගමලන්ද  ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලීසිය පැවසීය.
                                    මාස කීපයක සිට මෙම නිවසේ කූඨ ජාවාරමක් සිදු වන බවට ප්‍රදේශවාසීන් විසින් පොලිසියට ලබාදුන් තොරතුරු මත මෙම සෝදිසි මෙහෙයුම සිදු කිරීමේ දී මෙම ගංජා තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් පොලීසිය පැවසීය.
                                     මෙම වැටලීමේදී ගංජා කිරීමට යොදා ගන්නා කුඩා තරාදියක් ද සොයා ගත් බවත් ඉතා සූක්ෂම ආකාරයෙන් ගංජා ඔතන ලද පාර්සල් නිවසේ ස්ථාන කිහිපයක ම සඟවා තිබියදී සොයා ගත් බවත් පොලීසිය පැවසීය.
                                   සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබිණි.
                                    සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ බස්නාහිර දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය නුගේගොඩ කොට්ඨාස බාර භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක යන මහත්වරු ගේ අධීක්ෂණය යටතේ නුගේගොඩ කොට්ඨාස දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජනශාන්ත කහටදෙනිය මහතාගේ උපදෙස් පරිදි එම අංශයේ පොලිස් සැරයන් 54478 වසන්ත, 66180 ඉන්දික පොලිස් කොස්තාපල් 74980 වේණුක, 12002 අබේධීර යන නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.
සමීර අබේසිංහ – බොරලැස්ගමුව

More Stories