පසු ගිය චනාධිපති මැතිවරණයේදි ස්වාධිණව තරග කල කේ. කේ. පියදාස මහතා මෙවර නුවරඑළිය දිස්ත්‍රික්කය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරිමට පියවර ගෙන ඇත.
මෙසේ එක්සත් ජාතික පක්ෂයෙන් පාර්ලීමේන්තු මැතිවරණයට තරග කිරිමට තිරණය කිරිම පිලිබදව හැටන්හි පිහිටි ඒ මහතාගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන ලද්දේ මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා තමන්ද නුවරඑළිඅය දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරිමට පියවර ගෙන ඇති බවත්ය.
තමන් 1994 වර්ෂයේ සිටම එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලීමේන්තු හා මධ්‍යම පලාත් සභා මැතිවරණ සදහා ඉදිරිපත්ව දෙවරක් පාර්ලීමේන්තුවද තෙවරක් මධ්‍යම පලාත් සභාවද නියෝජනය කර පසුගිය ජනාධිපති මැතිවරණයේදි ස්වාධින අපේක්ෂයකු ලෙස තරග කල බවත්ය.
පසු ගිය ජනාධිපති මැතිවරණයේදි ස්වාධීණව තරග කල තමන් ලංකාවෙන් හත්වන ස්ථානයට පත්වු බවත් පසුව මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් තරග කරන ලෙසට මෙම දිස්ත්‍රික්කයේ බොහෝ පිරිසක් කරන ලද ඉල්ලිමක් මත මෙම මැතිවරණය සදහා නාම යෝජනා ලබා දිමට පියවර ගත් බවද ඔහු පැවසිය.
ප්‍රදේශයේ ජනතාව කරන ලද ඉල්ලිම පිලිබදව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාවද දැනුවත් කල අවස්ථාවේදි ඔහුගේ ආශීර්වාදයද තමන්ට හිමිවු අතර එම ආශීර්වාදය හා ප්‍රදේශයේ බොහෝ දෙනාගේ ඉල්ලිම මත තරග කරන තමන්ට මේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ මනාපය ලැබි නැවත පාර්ලීමේන්තුවට යාමට අවස්ථාවක් හිමිවනු ඇතැයි තමන් විස්වාස කරන බවද පියදාස මහතා වැඩි දුරටත් පැවසිය.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

Similar Posts