කොටගල සිරි පැරකුම් විදුහලට පිවිසෙන මාර්ගයට කුණු කසල දැමිමත් සමග එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත.
මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසනුයේ මෙම විදුහලට පිවිසෙන මාර්ගයට මෙසේ කුණු කසල දැමිමත් සමග තම දරුවන්ගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් පවතින බවත්ය.
එමෙන්ම මෙම ස්ථානයේ නිරන්තරයෙන් සුනඛයන්ද ගැවසෙන බවත් මෙම සුනඛයන්ගේ සපා කැම්වලට තම දරුවන් ලක් විමේ අවදානමක් පවතින බවත් මෙම තත්වයන් පිලිබදව අදාල නිලධාරින්ගේ දැඩි අවදානයක් යොමු කර මෙම ස්ථානයේ කසල ඉවත් කිරිමට පියවර ගත යුතු බවත්ය.
මෙම ස්ථානයේ කසල දැමිම තහනම් ලෙස දැන්විම් පුවරු සවිකර තිබියදි විවිධ පුද්ගලයන් විසින් මෙම ස්ථානයට මෙසේ කසල බැහැර කිරිම කනගාටුවට කරුනක් බවද එම පිරිස් වැඩි දුරටත් පවසති.

More Stories