රට සක්‍රීය වීම නිසා යම් මොහොතක සමාජය තුළ කොරෝනා රෝගියෙකු සිටියහොත් එය පැතිරී යාමේ අවදානමක් ඇති බව ‍වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි.

පාසල් ආරම්භ කිරීම නව අමාත්‍යාංශවල රාජකාරි පටන් ගැනීමත් සමග ජනතාව සක්‍රීය වීම නිසා සමාජය ක්‍රියාකාරී වීමෙන් මෙම අවදානම ඇති වී තිබෙන බවද ඔහු පැවසීය.

මෙම තත්වය යටතේ යම් කිසි විටක හඳුනා නොගත් රෝගියෙකු හෝ රෝගි පොකුරක් මතුවුවහොත් එය ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයිද පෙන්වා දෙයි.

More Stories