වැලිසර නාවික හමුදා කඳවුරේ සෙබලුන් 29 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ ඉතිහාසයේ දිනක් තුළ වාර්තා වු වැඩිම රෝගීන් සංඛ්‍යාව වාර්තා වුණා.
සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 368 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ වන විට කොරෝනා ආසාධිත පුද්ගලයින් 254ක් රෝහල් ගතව සිටියි.
ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා රෝගීන් 38 දෙනෙක් වාර්තා වී ඇති අතර දිනක් තුලදී වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව මෙය වනවා.