කොරෝනා වසංගතය ලෝකය නව අනතුරුදායක අදියරකට එළඹෙමින් පවතින බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

වෛරසය තවමත් කලාප කිහිපයක වේගයෙන් පැතිර යාම බරපතල තර්ජනයක් බව  සඳහන් කර ඇත.

දිර්ඝ කාලයක් නිරෝධායන සීමාවලට කොටු වී සීටීම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවන්ට හා වෙහෙසට පත්ව ඇති බවද ලෝක සෞඛ්‍ය සංවිධාන ප්‍රධානියා ප්‍රකාශ කර තිබේ.

තවමත් කොරෝනා වෛරසය අමෙරිකාව හා ආසියාවේ ප්‍රදේශවල වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.

මේ වන විට ලොව පුරා පුද්ගලයින් 466,728 කට වැඩි පිරිසක් වෛරස තත්ත්වයෙන් මියගොස් 8,915,891කට ආසාදනය වී ඇත.

 

More Stories