නව කොරෝනා වෛරසය ආසාධිතයින් 1500 ද ඉක්මවා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යනු ලබන ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඊට සරිලන සේ වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවවාව ඇතුළු වෛද්‍යවරුන් , සෞඛ්‍ය කාර්ය මණ්ඩල හා පී.සී.ආර්.යන්ත්‍ර හෝ පර්යේෂණාගාර ඇතුළ අවශ්‍ය පහසුකම් සැපයීමේ අඩුවක් නිසා අවදානම් සහගත තත්ත්වයක් පවතින බවත් සෞඛ්‍ය අංශ අනතුරු අගවති.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ පොලොන්නරුව මහ රෝහල ඇතුළු දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන් හෙද කාර්ය මණ්ඩල හා අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා කැපවීමකින් මෙම තත්ත්වයට මුහුණ දී ඇතත් සෞඛ්‍ය අමාත්‍යංශය මේ කෙරෙහි දක්වන උනන්දුව අඩු බවයි.
මෙතරම් ආසාධිතයන් සංඛ්‍යාවක් නේවාසික ව ප්‍රතිකාර ගනිද්දීත් පොලොන්නරුවට වෛරස් සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සේවාව වත් නොමැති බවත් අඩුම තරමේ පී,සී.ආර්.පරික්ෂණ සිදු කිරීම සදහා පී.සී.ආර්.යන්ත්‍ර හෝ විද්‍යාගාර අහසුකම් ද නොමැති බවත් ඔවුහු පෙන්වා දෙති.මෙම තත්ත්වය හමුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල පමණක් නොව පොලොන්නරුව ද අවදානම් සහගත විය හැකි බැවින් මේ සදහා මෑදිහත් වන්නේඑයි ඔවුහු රජයෙන් ඉල්ලා සිටිති.
මේ වන විට පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සමාජය තුළින් කොරෝනා වෛරසය ආසාධිතයින් හදුනා ගෙන නැතත් දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගත් ආසාධිතයින් ප්‍රතිකාර සඳහා මේ වනවිට විශාල පිරිසක් යොමු කර තිබෙන්නේ පොලොන්නරුවට බවත් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 4ක මේ වනවිට නව කොරෝනා වෛරසය ආසාධිතයන් 1500 ද ඉක්මවා සිටින බවත් ඔවුහු අනතුරු අගවති.
මේ වන විට පොලොන්නරුව මහ රෝහල යටතේ පාළනය වන වැලිකන්ද මූලික රෝහල,පුලතිසිපුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය හා අලුතින් එක්වූ පුනානි ශරියා විශ්ව විද්‍යාලය ත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ යටතේ පාළනය වන කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයත් ආසාධිතයින්ගෙන් පිරී පවතින බව ද ඔවුහු අනතුරු අගවති.
එසේ වුවත් මෙම ආසාධිතයින් සදහා ප්‍රතිකාර කිරීම හා රෝගී සත්කාරක සේවා සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරුන් හෝ හෙද කාර්ය මණ්ඩල හෝ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල හෝ අවශ්‍ය වෙන්ටිලේටස් ඇතුළු පහසුකම් අවම මට්ටමක පවතින බවද ඔවුහු පෙන්වා දෙති.
මේ පිළිබඳව පොලොන්නරුව මහ රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහතාගෙන් අපි විමසීමක් කළෙමු.
“මගේ යටතේ ප්‍රතිකාර මධ්‍යස්ථාන 3ක් පවත්වාගෙන යනවා.වැලිකන්ද මූලික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 126 පුලතිසිපුර විද්‍යාපීඨය අපි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළා.ඒකට අධ්‍යාපන අමාත්‍යංශය හා විද්‍යාපීඨ පාළන අධිකාරිය ,කාර්ය මණ්ඩල,ගුරු සිසු සිසුවියන් කැපකිරීම් කළා.එහි 500ක් නේවාසික කරන්න පුළුවන්.දැනට 452 ක් ඉන්නවා.වැලිකන්දේ ඉඩ නෑ.ඒ නිසා අපි පුනානි ශරියා විශ්ව විද්‍යාලය ලබා ගත්තා. එහි 1200ක් දාන්න අපි සැලසුම් කරනවා.දැනට 634ක් ආසාධිතයින් ඉන්නවා.අපට උපරිම 1500ක් දක්වා යන්න පුලුවන්.
රෝගී තත්ත්වයන් පෙන්වන රෝගීන් වැලිකන්ද මූලික රෝහලේ රදවා ප්‍රතිකාර කරනවා. රෝග ලක්ෂණ නොපෙන්වන අය තමයි විද්‍යාපීඨයේත් පුනානිවලත් දැනට සිටින්නේ.මහ රෝහලේ පවතින වෙන්ටිලේටස් අපි දැනට හදිසි අවස්ථාවක දී පාවිච්චි කරනවා.
අසාධ්‍ය රෝගීන් අයි ඩී.එච් යවනවා.නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයට අපි ඉල්ලීම් කළා අපට අවශය වෛද්‍යවරුන් හා සෞඛය කාර්ය මණ්ඩල ලබා දෙන්න.
අනෙකුත් පහසුකම් ලබා දෙන්න කියලා.නමුත් වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයෙක් හිටියේ ඒ නිසා ප්‍රමාදයක් තිබුණා.නව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්තුමා මන් හිතන්නේ අපට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දෙයි කියලා.දැනට අපි පොලොන්නරුවේ පහසුකම් එක්ක කළමනාකරණය කර ගනිමින් ඉන්නවා.
අපට දෙසැම්බර් 31 දා වෙනකොට පොලොන්නරුවේ අලුතින් ඉදිවන වකුගඩු රෝහල ලැබෙනවා.එය විවෘත කළාම අපට ප්ලෑන් බී එකක් තියෙනවා.
එහි අයි.සී.යූ.බෙඩ්ස් 40ක් ,වෙන්ටිලේටස් 40ක් අපට ලැබෙනවා.අපි ගැන අතිගරු ජනාධිපතිතුමා විශ්වාසය තියලා මේ ක්‍රයිසීස් එකේ බර අදින්න බාර දීලා තියෙනවා.අපි එය ක්‍රියාත්මක කරනවා.දැනට ලොකු ඉෂූ එකක් නැ.අමතර වෛද්‍යවරුන් ,හෙදියන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල ටික ටික ලෙබෙනවා.දැනට විද්‍යාපීඨයට වෛද්‍යවරුන් 7ක් එවා තිබෙනවා.
අලුත් අධ්යක්ෂ ජනරාල්තුමා මේ ගැන අවධානය යොමු කරාවි.ලංකාවේ සියලු දිස්ත්‍රික්කවල රෝහල් අධ්යක්ෂවරුන් යටතේ කිසියම් තුළනයකින් මේ ක්‍රයිසීස් එකට මුහුණ දෙන ක්‍රමයක් හැදුවා නම් වඩාත් හොඳයි.”
පොලොන්නරුවේ ක්‍රියාත්මක වන අනෙත් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය භාරව කටයුතු කරන්නේ පොලොන්නරුව දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඩබ්.කේ.එස්.කේ .කුමාරවංශ මහතා ය.
ඒ මහතාගෙන් අප කළ විමසුමක දී හෙතෙම සදහන් කළේ දැනට කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නව කොරෝනා වෛරසය ආසාධිතයින් 342ක් නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි.
ඒ අනුව (31) දා වන විට පොලොන්නරුවේ ප්‍රතිකාර මධ්‍යස්ථානවල නේවාසික කොරෝනා වෛරසය ආසාධිතයින් සංඛ්‍යාව 1554ක් බව සෞඛ්‍ය අමත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශයේ නිල වෙබ් අඩවියේ දැක්වෙයි..
ඊෂා මුදියන්සේ -පොලොන්නරුව