අද දින ඉතාලිය හා ස්පාඥ්ඥය යන රටවල් වලින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාවේ ඉහල යාමත් සමග කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන අයගේ ප්‍රතිශතය 8% සිට 9% දක්වා ඉහල ගොස් තිබේ. අද වන විට ලොව පුරා රටවල් 163ක් පුරා කොරෝනා වෛරසයට ගොදුරු වූ පිරිස 189,761 ක් බව වාර්තා වන අතර ඉන් සම්පුර්ණ සුවය ලබා ඇති ප්‍රමාණය 80,885 (91%) ක් බව වාර්තා වේ.  ඒමෙන්ම, මෙම වෛරසය ආසාදිතව මිය ගිය ප්‍රමාණය අද වන විට 7,521 (9%) බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාව තුලත් මෙම වෛරසය වේගයෙන් පැතිරෙමින් පවතින අතර, අද දින අලුතින් තවත් රෝගීන් 15 දෙනෙකු සොයා ගත් බව සෞඛ්‍ය සේවා බලධාරීන් ප්‍රකාශ කරයි. ඒ් අනුව මේ වන විට කොරෝනා ආසදිතයින් 43 දෙනෙකු සිටිනා බව වාර්තා වේ. ශ්‍රී ලංකාව තුලින් සොයා ගත් ප්‍රථම කොරෝනා වෛරසයට ආසාදනය  වූ චීන ජාතික කාන්තාවගෙන් පසුව, පසුගිය මාර්තු 11 වන දින ප්‍රථම ශ්‍රී ලාංකික රෝගියා වාර්තා වූ අතර සතියක් තුළ කොරෝනා ආසාදිත රෝගීන් 43ක් වාර්තා වීම සැලකිය යුතු වර්ධනයක් බව වාර්තා වේ.

More Stories