කෝවිඩ් -19 වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය ප්‍රමාණය අද ලක්ෂ තුන ඉක්මවීය. ඒමෙන්ම, මේ වන විට ලොව පුරා රටවල් 210 ක් තුළ කොරෝනා වෛරසය ආසදිතයින් ප්‍රමාණය ලක්ෂ හතලිස් පහක් ඉක්මවා ගොස් තිබේ. මින් මෙතෙක් සුවය ලැබී ඇත්තේ දාහත් ලක්ෂයක් පමණක් බවයි වාර්තා වන්නෙ.

මෙසේ කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගිය අය අතරින් වැඩිම මරණ ප්‍රමාණයක් වාර්තා වන්නේ ඇමරිකා ඒක්සත් ජනපදයෙනි. ඒම ප්‍රමාණය 86,912  කි. යුරෝපය තුළ මිය ගිය ප්‍රමාණය 159,068 කි. මේ අනුව ගත් කළ ලෝකයේ බලවත්ම රාජ්‍යයන් තුළින් කොරෝනා ආසාදනය වීම නිසා මිය ගිය ප්‍රමාණය 235,980 ක් බව වාර්තා වේ. මෙම කළාපයන්ට අයත්  නොවන 160ක් පමණ වූ අනෙකුත් රටවලින් කොරෝනා මරණ වාර්තා වන්නේ 65,000 කට ආසන්න ප්‍රමාණයකි.

මේ අතර, වසන්ගත රෝග විශේෂඥයින් පෙන්වා දෙන්නේ කොවිඩ් 19 වෛරසයේ කාණ්ඩ කිහිපයක් ලොව පුරා ක්‍රියාත්මක වන බවත්, ඉන් ඉතා දරැණුම තත්ත්වයේ කාණ්ඩයන් ඇමරිකාව හා යුරෝපීය රටවල් තුළ පැතිරී ඇති බවත්ය.

More Stories